Written by Administrator Saturday, 30 April 2011 07:57
සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන
නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල
සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන
සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ
Written by Administrator Saturday, 30 April 2011 07:55
සෙනෙහස සුරැකි ලැදි මා නෙත අඩවන්ය
මදහස ව්යැකී බිඳි ලා සිත කලුවරය
සරතැස ඇරඹි විඳි නා සොව අපමණය
කඳුළක හොවමි සිඳි දා පෙම එපමණය
Written by Administrator Saturday, 30 April 2011 07:53
සිතාගන්න බැහැ මට ඔය සොදුරැ පෙම් හැඟුම්
සිනාසෙන්න ඇති හොදටම ඔබේ නෙත් කැළුම්
පතාවුන්න විදියට මේ සුහද සිත් වෙළුම්
බෙදාගන්න එන්නම් මුළු දිවියෙ අප පැතුම්
Nayomi Sirinali Nawarathne
Written by Administrator Saturday, 30 April 2011 07:47
අවුරුදු සිරිය විඳ ගම වෙත ගොඩ වැදිලා
යලි නගරයේ දිවියට කවියො පැමිණිලා
කියමුද ගම ද නගරෙද දැන් හොඳ කියලා
කවියෙන් වාදයට එන්නකො පොදි ගැසිලා
Last Updated on Friday, 29 April 2011 20:57 Written by Administrator Friday, 29 April 2011 20:56
මල වැනි වැනී බඹරට අඬ ගසන්නේ
බඹරුන් එවිට මල වෙතටම ඇදෙන්නේ
එක බඹරෙකුට ඇයි?මල හිත නොදෙන්නේ
කවදද චපල ගතියෙන් මල මිදෙන්නේ
Last Updated on Friday, 29 April 2011 20:57 Written by Administrator Friday, 29 April 2011 20:53
ගැහැනුන් කියන බොරු බේගල් එකතු කර
ඒවා ලියා කඩදසි බෝට්ටු නිම කර
ගඟේ මුල පටන් ගන්නේ කොහෙද? දුර
ගොස් අසයි බලන්නට එය පාකර
''නෙළුම් පතේ සිට දිය බිංදුවක් වෙලා
උදේ එන්නේ පිනි බිනංදුව වගේ වෙලා
මහා වැලි කතරෙ එක වැහි බිංදුවක් වෙලා
අපට හිත ලෙසින් මිරිඟුවෙ සයුර වෙලා
අප සහ ඇගේ එක රහසක් එකම වෙලා
අපිත් නොදැන දෙතොලතරින් සිනා වෙලා
අපිට අයිති අපි ළඟ ඇති කවිය වෙලා
ඉන්න ඕනලු මේ හැම දෙයක් වෙලා ''
Last Updated on Friday, 29 April 2011 20:57 Written by Administrator Friday, 29 April 2011 20:50
රුවෑති ගුනෑති දියනි හෑදූ මව්තුමිනී
බෙලෙනි කිරිනි ඔබ පෙව් සෙනෙහසිනි
ලොවෙනි නිතිනි බුහුමන් ලදි ඒ පිනෙනි
නොලදිමි තෑවෙමි අහිමි නිසා නුබෙ දියනි
කර පිනිපා වදිනෙමි ඔබෙ දෙපා යුග
ලොවට දුන් නිසා වටිනා දියනියක
මට නොලෑබුනත් ඒ කුමරිය මතු දිනක
සදා වාසනා ඈයගෙන් මා ලද සෙවන
මතු උපදින බවයේ මා ඔබෙ පුතු වීලා
දියනි ඔබේ මගෙ ආදර නෑගනිය වීලා
අප දෙදෙනා ඔබ ඈකයේ හොවාලා
සෙනෙහස දෙන්න ලේ කිරි කර පොවාලා
ඈය වන් සුරගනක් ලද හිමි සද නිවුනා වේ
මට නොලෑබුනු පෙම ලෑබ දුර ගමනක් ගියාවේ
තරහක් නෑ කිසිම කලක තුන් සිතකම මාගේ
ඈතින් හිදන් හොරෑහින් දෑක සෑනසෙමි රුව ඈගේ
Last Updated on Friday, 29 April 2011 20:58 Written by Administrator Friday, 29 April 2011 20:42
බිදුනු සිතක් පිරියම් කරලන්න
දක්ශ ශිල්පියෙකු ඉන්නවනම් එන්න
තිබුනු ලෙසට සාදා යලි නොබිදෙන්න
ගන්න ඈහෑකිනම් පමනක් මා අමතන්න
Written by Administrator Friday, 29 April 2011 20:38
හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ
සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ
කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ
ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ
Roshan Hewavitharana
Written by Administrator Friday, 29 April 2011 20:36
පිණිකැට පියළි විසිරී පය ගැටෙනු දැනේ
මයිනක ගයති කවිගී හඬ දැනුදු ඇසේ
හනිකට ලඳුනි පිබිදී ලොව දකිනු මෙසේ
අරුණට සුවැති සමවී මම ලියනු කෙසේ
Page 1 of 2